Dulanjalee Muthuwadige
සීදූව - Seeduwa
Dulanjalee Muthuwadige
සීදූව - Seeduwa
මම දුලාංජලී මුතුවාඩිගේ. ගම සීදුව. මුහුදු හුළං එක්ක නටන, පොල් රුප්පාවලින් පිරුණු, බර කරත්ත එහේ මෙහේ ගිය ලස්සන ගමක් විදියට අපේ ගම තියෙන්න ඇති කියලා මට වෙලාවකට හිතෙනවා. කොළඹ ජාත්‍යන්තර ගුවන්තොට මේ කිට්ටුවම තියෙන නිසාද මන්දා දැන් නම් මගේ ගම හොඳටම නාගරීකරණය වෙලා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම ඉගෙන ගත්තේ මීගමුවෙ නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ.
උසස් පෙළ විභාගයෙන් පස්සේ මට කැලණිය විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබෙනවා. 2007 අවුරුද්දේ මම ජන සන්නිවේදනය ගැන ගෞරව උපාධියක් සමග සරසවියෙන් පිටවෙනවා.
ජන සන්නිවේදනයයි, පත්තර කලාවයි ගැන මට තිබුණේ පුදුමාකාර ‘උණක්’. ඒ නිසාම මම ඇක්වයිනාස් විද්‍යාලයෙන් සහ කොළඹ සරසවියෙන් පුවත්පත් කලාව ගැන ඩිප්ලෝමා දෙකක් හැදෑරුවා. මම දැනට ජන සන්නිවේදනය ගැන ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් ඉන්නවා.
මගෙ උණ සනීප වුණේ නැහැ. මොකද මට තවත් උණක් තිබුණා. ඒ තමයි ඡායාරූප ශිල්පය. මට ඒ ගැන කියන කොට හිත ඇතුලෙන් ලොකු දුකක් මෝදු වෙනවා. කැමරාවක බොත්තම ඔබන තැන ඉඳන් මුළු ඡායාරූප ශිල්පයම ගැන මට අතපොත් තැබුවේ මගේ ආදර තාත්ති. හැම දියණියකටම වගේම මගේ ලෝකේ වීරයා වුණෙත් මගේ තාත්තිමයි. අදටත් ඒකේ වෙනසක් නැහැ. ඒත් ඒ වීරයා අද මා ළඟ නැහැ. තාත්තිගේ අඩුව පුරවන්න අද මා ළග ඉන්නේ අම්මි විතරයි.
අදටත් මගේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ මගේ තාත්තිට පින් සිදුවෙන්නයි. තාත්තිගේ ඡායාරූප ශාලාව අදටත් මම ඒ විදියටම පවත්වාගෙන යනවා.
මට ඡායාරූප ශිල්පය තවත් ඉදිරියට හදාරන්න කැමැත්තක් ඇතිවුණු නිසා, ශ්‍රී ලංකා ජාතික ඡායාරූප සංගමයෙන් ඡායාරූපකරණය ගැන ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ 2001 - 2004 අවුරුදුවල.
මගෙ උණ තාම සනීප නැහැ. මට ආත්මාරක්ෂක සටන් ක්‍රම ගැනත් පුදුමාකාර උනන්දුවක් තිබුණේ. මම 1998 වසරේ සිට කරාටේ ඉගෙන ගන්න පටන් ගත්තා. අවසානයේ මට සෙයිගොකාන් ගොජු රියු කරාටේ ��ෝ සංගමයේ සාමාජිකත්වයත් ලැබුණා. මම ප්‍රථම පංතියේ කලුපටි ශූරියක්. 2002 සිට 2006 දක්වා බස්නාහිර පළාතේ කරාටේ ශූරිය බවට පත් වුණේ මම කියලා කියන්නේ නිහතමානී ආඩම්බරයකින්.
මගේ පත්තර උණ නිසාම 2001 - 2003 දක්වා කාලයේ ලක්බිම පුවත්පතේ පුවත්පත් කලාවේදිනියක් විදියට සේවය කළා. ඉන් පස්සේ 2002 - 2005 කාලයේ අරටුව කියන ව්‍යාපාරික පුවත්පතත් සමඟ අත්වැල් බැඳ ගත්තා. 2002 - 2003 කාලයේ ඇම්.ඩී. ගුණසේන සමාගමෙන් ප්‍රකාශයට පත් කළ ශ්‍රී සඟරාවේ විශේෂාංග ලේඛිකාවක් විදියටත් මම කටයුතු කළා.
2005 - 2007 කාලයේ සම්බෝධි බෞද්ධ පුවත්පතේ සංස්කාරකවරිය ලෙස කටයුතු කිරීමටත් මට අවස්ථාව ලැබුණා.
පුවත්පත් කලාවේදීන් අතර සැබෑ මනුෂ්‍යෙයකු ලෙස මා හඳුනාගත් කිත්සිරි නිමල්ශාන්ත මහතාගේ හදිසි අභාවයෙන් පසු මම ඔහු ගැන වූ සැබෑ ලෙංගතුකමින්කමින් “අපේ කිත්සිරි මහත්තයා” නමින් ඔහු පිළිබඳ පොතක් සම්පාදනය කළා.
මේ තමා මගේ ජීවිතය කෙටියෙන්. හැම දිනයක්ම මට අලුත් දිනයක්. අලුත් බලාපොරොත්තු ඇවිත් මගේ හදවත උණුසුමින් පුරව