Janith Mathula De Silva

ඉපදීම 1995.10.30 දින ප.ව 2.25ට පානදුර කේතුමතී රෝහලේදී සිදුවිය. පෙර පාසල් ගියේ නිල්මිණි පෙර පාසලටයි. එහිදී අත්ලක් තරම් විශාල ගල් පහරකට මුහුණ දීමට සිදුවිය. මා මූලික අධ්‍යාපනයට පානදුර රාජකීය විදුහලට ඇතුලත් වීමි. පළමු දවසේම ගුරුතුමියව පන්තියෙන් එළියට දමා දොර වැසුවෙමි. මා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමි. එහිදී මා ප්‍රශ්න වලට පිළිතුරු සැපයුවේ ගෝල්ඩ් මාරි බිස්කට් පැකට් එකක් ඉවර කරමිනි. ශිෂ්‍යත්ව ලකුණු 121 යි. පාසල හැර දමා නොගියෙමි. 6 ශ්‍රේණියේදී දැනට මාගේ පාසල් ජීවිතයේ මට හමුවූ හොදම මිතුරා සහ ගුරුතුමිය හමුවිය. ඒ ධනoජය මිතුරා සහ ශ්‍යාමලී ගුරුතුමියයි. මා බාහිර ක්‍රියාකාරකමක් ලෙස රගර් ක්‍රීඩාව තෝරා ගත්තෙමි. එහිදී මම විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තෙමි. 2008 වසරේදී පාසලේ පළමු වරට ඉදිරිපත් කෙරුණු කණිශ්ඨ ශිෂ්‍ය නායක සoගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය. එහිදී මට ඇතිවුණු ප්‍රශ්නයක් නිසා ධනoජය මිතුරා සහ ශ්‍යාමලී ගුරුතුමිය ශෝකයට පත්වී මට විශාල වශයෙන් උපකාර කරන ලදි. 2009 වසරේදී ශ්‍රේණියේ සිටි චමත් නම් චණ්ඩියාට ප්‍රහාරයක් එල්ල කරමින් මාගේ ජීවිතයේ අධ්‍යාපනික හා ක්‍රීඩාමය වශයෙන් ස්වර්ණමය යුගය ආරම්භ විය. එහිදී ගණිතය, විද්‍යාව, ඉoග්‍රීසි සහ බුද්ධ ධර්මය යන විෂයන්ට ලකුණු 94 වශයෙන් ලබාගෙන පන්තියේ තුන්වෙනි තැන ලබාගන්නා ලදි. ක්‍රීඩාමය වශයෙන් පාසලේ අන්තර් මලළ ක්‍රීඩා උත්සවයේදී දුර පැනීම, යගුලිය දැමීම සහ මීටර් 400 දිවීමේ තරගයේදි දෙවන තැන් ලබා ගන්නා ලදි. 10 ශ්‍රේණියේදි මාගේ පාසල් ජීවිතයේ නැවත පසුබෑමක් ඇතිවිය. ඒ වසර සතරක් මා සමඟ සිටිමින් දුක සැප බෙදාගත් මිතුරා සහ මම පන්ති දෙකකට වෙන්වීමයි. පානදුර රාජකීය විදුහලට රගර් ක්‍රීඩා කිරීම මේ වසරේ මුලදී අවසන් විය. එසේම මට මේ වසරේදී ටියුශන් පන්ති වලදී ප්‍රේමලාල් සර් සහ නිශාන්ත සර් හමුවිය. ඔවුන් මාගේ ගණිතය සහ වාණිජ්‍යය යන විෂයයන් ආලෝකමත් කි��ීමට උපකාරි විය.